mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවයි. එලෙස PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අයවළුන් ගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

කොරෝනා ආසාදිත මෙම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ ළමුන් 1600 කට අසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නාවිකයින් 5ක් අතුරුදන්

Shiran Viraj

කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USA

Shiran Viraj

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj
Translate »