2026-01-15
mediahumanrights.lk
Local NewsNews

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි.

ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවන පුද්ගලයන්හට නිරෝධායන නීතිය අනුව කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බස්නාහිර පළාතටත් ඇඳට නීතිය පැනවීමට පෙර විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් පිට වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

lankacnews.com

Related posts

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

Shiran Viraj

අගමැති ජපානය බලා පිටත්ව යයි

Shiran Viraj

"දැන් දේශපාලඥයෝ කාක්කෝ වගේ, කපුටු කාක් කාක් තමයි" -හිරු ගොසිප් One 2 One Talk – Video

Shiran Viraj
Translate »