mediahumanrights.lk
Local NewsNews

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ.

අගෝස්තු 9 වැනි දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන් බොහෝ විෂයයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ආයතන අමාත්‍යවරුන්ට පවරා නොතිබුණු අතර ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇත.

ජාතික වැඩසටහන යටතට ගැනෙන බව දැක්වෙන ආයතන මෙසේය.

1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.

4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

Related posts

චම්පික නෝ හෙල්ලුම්.. බොරු සාක්‍ෂි හැදූ බව හෙලිවෙයි.. බොරැල්ල OIC අත්අඩංගුවට ගන්නැයි නියෝග..

Shiran Viraj

29 වැනිදා මුළු රටේම ජනතාව පාරට බස්සනවා..

Shiran Viraj

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Shiran Viraj
Translate »