mediahumanrights.lk
International NewsNews

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වනවා.

විදෙස් වාර්තා පැවසුවේ හෙට සිට මෙම තහනම පැනවෙනු ඇති බවයි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති. එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්,  ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. එසේම ඒවා හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාවේ මතයයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම තහනමත් සමග අමෙරිකානුවන් හට ඉදිරි පැය 48 ක කාලය තුළ සිටම වී චැට් භාවිතය අහිමි වනු ඇති. එහෙත් එළඹෙන නොවැම්බර් 12 වනදා තෙක් ටික් ටොක් භාවිත කිරීමට අමෙරිකානුවන් හට හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය 50ස් වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

Shiran Viraj

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්

Shiran Viraj

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

Shiran Viraj
Translate »