mediahumanrights.lk
News Political

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි.

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසීය.

lanka lead news

Related posts

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Shiran Viraj

අත්ලාන්තික් සාගරයේ සුළි කුණාටු 05ක්

Shiran Viraj

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Shiran Viraj