26.7 C
Colombo
2026-09-22
mediahumanrights.lk
NewsPolitical

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමයම ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිසයි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ පූර්ව ළමා විය සංවර්ධනය සහ ප‍්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ නොතිබූ බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේ.. මිල ගණන් මෙන්න..

Shiran Viraj

ශ‍්‍රි ලංකාවේ අරගලයක් ඇති කර ආණ්ඩු පෙරලන්න USAID මුදල් වියදම් කලා..- ට‍්‍රම්ප්

Shiran Viraj

මංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්ද

Shiran Viraj
Translate »