2026-02-16
mediahumanrights.lk
NewsPolitical

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

මන්ත‍්‍රීවරුන්ගේ ෆයිල් ඔසවාගෙන යාමට මින්පසු පොලිස් නිලධාරීන් ලබානොදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ප්‍රකාශ කළේ වත්මන් රජය ඇමති ආරක්ෂක නිළධාරීන් අඩු කිරීම 225ටම තර්ජනයක් බවයි.

එම ප‍්‍රශ්නයට දැඩි ස්වරයෙන් පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ වඩා වැදගත් අමාත්‍යවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව නොව ජාතික ආරක්ෂාව බවයි.

පොලිස් නිළධාරීන් දෙදෙනෙකු දී සිටියදී තවත් පොලිස් නිළධාරීන් ඉල්ලන්නේ ෆයිල් සහ බෑග් උස්සාගෙන යාමටදැයි අමාත්‍යවරයා එහිදි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කර සිටියා.

වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සේවය කිරීමට, රටේ සිටිනා සීමිත ගණනක් වන පොලිස් නිළධාරීන් යෙදවූවහොත් හානිය වන්නේ රටේ ආරක්ෂාවට බව ඇමති චමල් රාජපක්ෂ මෙහිදි පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘‘එයාගේ සීයාගෙ කාලෙලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නෙ‘‘ දින 100 න් රට හදනවා කියපු අය තාම කරලා තියෙන්න වැඩ දෙකයි. නාමල් බලපිටියේදී කියපු දේ.

Shiran Viraj

මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..

Shiran Viraj

වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..

Shiran Viraj
Translate »