mediahumanrights.lk
Local News News

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින්ට රුපියල් 60 ක සහන මිලට පොල් මිලදී ගැනීම සඳහා අද සිට (23) අවස්ථාව සලසා දී තිබෙනවා.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු පැවසුවේ, දේශීය වෙළඳපොළේ පොල් මිල ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස එම වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලට ලොරි රථ මගින් පොල් බෙදා හැරීම ඊයේ (22) දිනයේ ආරම්භ කෙරුණු බවත්, අද සිට පාරිභෝගිකයින්ට සහන මිලට පොල් මිලදී ගැනීමට හැකියාව පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොල් තෙල් බෝතලය 800ට.. පොල් ගෙඩිය 130ට..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Shiran Viraj

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

Shiran Viraj