25.6 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNews

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද (23) දිනයේ සිට අත්හදා බැලෙනවා. ඒ අනුව, බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යයාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ කියා සිටියේ දෙවැනි මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කිරීමට අවස්ථාව සළසා දී තිබෙන බවයි. පාසල් දරුවන්, රැකියා සඳහා ගමන් කරන පිරිස් කල්වේලා ඇතිව ගමනාන්තයන් වෙත පිටත් කර හැරීම මෙහි අරමුණ බව ද පෙන්වා දුන්නා.

මින් බලාපොරොත්තු වන්නේ වම්පස මංතීරුවේ සිට දකුණුපස මංතීරුවටත් දකුණුපස සිට වම්පස මංතීරුවටත් ද්විත්ව ක්‍රමයට ගමන් නොකිරීම බවත් පෙන්වා දුන්නා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයි

Shiran Viraj

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Shiran Viraj
Translate »