26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවාද ? තීරණය ලබන සඳුදා

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු තහනම්  නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන නියෝගය ලබන සදුදා (07) වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවන ලදී.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

Shiran Viraj

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Shiran Viraj

කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"

Shiran Viraj
Translate »