mediahumanrights.lk
International NewsNews

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල් පවසනවා.

ඒ, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් විධායකය හොබවන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සාමකාමී බල හුවමාරුවක් සඳහා මේ වනවිටත් විරෝධය පළ කර ඇති පසුබිමක් තුළයි.

කෙසේවෙතත්, කවුරුන් එළඹෙන නොවැම්බර් මස 03 වැනිදාට යෙදෙන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ ද ඔහු, ඉතා සාමකාමී අයුරින් ජනවාරි 20 වැනිදා නව ජනාධිපතිවරයා හට බලය පැවරීමක් සිදුකරනු ඇති බවයි මිච් මැක් – කොනල් පැවසුවේ.

1792 වසරේ සිට වසර 04 කට වරක් අමෙරිකාව තුළ සාම්ප‍්‍රදායික ලෙස බල හුවමාරුවක් සිදුවන බවත්, මෙවර ජනාධිපතිවරණයේදී ද, එය වෙනසකින් තොරව සිදුවනු ඇති බවත්, මිච් මැක් – කොනල් ප‍්‍රකාශ කළා.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේදී සුහද බල හුවමාරුවක් සම්බන්ධයෙන් දැඩි කතාබහක් හටගෙන ඇත්තේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා අමෙරිකානුවන් බහුතරයක් යොමුවනු ඇති බවට මත පලවි තිබීම හේතුවෙන්.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකානුවන් මෙලෙස තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පෙළඹෙනු ඇතැයි වාර්තා වනවා.

එලෙස තැපැල් ඡන්ද බහුතරයක් ප‍්‍රකාශ වුවහොත් එය පාලක රිපබ්ලිකන් පක්ෂයට නොව ඩිමොක‍්‍රටික් පක්ෂයට වාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එසේ වුවහොත්, ජනාධිපති ට‍්‍රම්ප් හට සිය පළමු ධූර කාලයෙන්ම ජනාධිපතිධූරයට සමුදී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකා වන ජෝ බයිඩන් සමග බල හුවමාරුවකට යාමට සිදුවනු ඇති. එහෙත්, ජනාධිපති ට‍්‍රම්ප් එලෙස වසර 04 කින් පසු සිය ධූරය අතහැරීමට සූදානම් ද යන්න අනපේක්ෂිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද

Shiran Viraj

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj
Translate »