30.6 C
Colombo
2026-09-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

IPL තරගාවලිය යළි අවධානමක

මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. වේගපන්දු යවන කී‍්‍රඩක දීපක් චහාර්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. මෙම තත්වය මත මෙවර අයි පී එල් තරගාවලිය පැවැත්වීමද අවදානමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මීට පෙරද අවස්ථා දෙකකදි අයි පී එල් තරගාවලිය කල්දැමීමට සංවිධායකයින් තීරණය කළා.

මේ අතර මෙවර අයි පී එල් තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා යළි ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ පෞද්ගලික හේතුවක් මතයි. සුරේෂ් රයිනා මෙවර අයි පී එල් තරගාවලියට කී‍්‍රඩා නොකිරීමට ද තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි

Shiran Viraj

වෙනිසියුලානු බොරතෙල් තොගයක් අමෙරිකාවට ලබාගැනීමේ ට්‍රම්ප්ගේ තීරණය සහ එහි අනාගත අභියෝග

Shiran Viraj

මාළු මිල ඉහලට…

Shiran Viraj
Translate »