mediahumanrights.lk
NewsPolitical

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටිප්ලිස් මහත්මියට දැනුම් දී තිබේ.

සම්පන්දන් මහතා මෙම දැනුම්දීම කළේ පසුගියදා ඔහුගේ ත්‍රිකුණාමලය පෞද්ගලික නිවසේදී අමෙරිකානු තානාපතිනිය මුණගැසුණු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සම්පන්දන් මහතා මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පළාත් සභා බලගැන්වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බවට සැකයක් මතු වී ඇතැයිද යනුවෙන් සඳහන් කර ඇත.

ඊට අමතරව දෙමළ සන්ධාන නායකයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මහ මැතිවරණය සාධාරණව පැවැත්වූ බවට තමන් නොසිතන බවයි. විවිධ පොරොන්දු හා වරප්‍රසාද මගින් වත්මන් රජය ජනතා බලය අත්පත් කර ගත් බවද ඔහු අමෙරිකානු තානාපතිනියට සඳහන් කළේය.

lanka lead news

Related posts

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

විදුලිබලේ සටනෙන් විදුලි ජනනයත් නවතන්න යයි

Shiran Viraj
Translate »