2026-08-10
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් මත තැබූ විශ්වාසය පිළිබද තමා ස්තූතිවන්ත වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ.

කොරෝනා අවදානම මෙන්ම කාලගුණය සහ වෙනත් දේශපාලන පක්‍ෂ ගැටළු මැද සියයට 71 ක ඉක්ම වූ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රතිශතයක් වාර්තාවීම, ලොව  ඕනෑම තත්ත්වයක් යටතේ සුවිශේෂි අවස්ථාවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය ද ප‍්‍රකාශ කළා.

ඊයේ පැවති ඡන්ද විමසීමේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සියයට 71.10 ප‍්‍රතිශතයක් ගෙන තිබුණා. මැතිවරණය පැවති මැතිවරණ දිස්ති‍්‍රක්ක 17 කම ඡන්දය ප‍්‍රකාශ කිරීම සියයට 70 ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයක්. එම සීමාව ඉක්මවා නොගිය දිස්ති‍්‍රක්ක වන්නේ ගාල්ල, කුරුණෑගල, ගම්පහ, යාපනය, පුත්තලමයි.

වැඩිම ප‍්‍රතිශතය වූ සියයට 75.74 ක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන්. අඩුම ප‍්‍රතිශතය වූ සියයට 63.87 පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

Fitbit's first smartwatch can now make payments in the UK

Shiran Viraj

එන්නත්වලින් රෝගීන් මැරෙනවාද බලන්න කෙහෙලියගෙන් කමිටුවක්..

Shiran Viraj

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj
Translate »