25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළට

ප‍්‍රදේශ රැසක අද දිනයේ විටින් – විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සන්ඳහන් කළේ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ති‍්‍රකුණාමලය සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත් පැයට කිලෝ මීටර් 40 ත් 50 ත් අතර දක්වා තද සුළං ඇති විය හැකි බවයි.

එමෙන්ම, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ක් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවයින වටා සෙසු මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝ මීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකියි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප‍්‍රජාවට දැනුම් දී සිටිනවා.

මේ අතර, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලට අද විටින් විට වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

චීන කාබනික පොහොර සමාගම ශ‍්‍රී ලංකාව ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි කරයි..

Shiran Viraj

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Shiran Viraj

තමිල්නාඩුවෙන් ඇවිත් මෙරට මසුන් මරන යාත්‍රා අල්ලනු – ධීවර ඇමැති නාවික හමුදාවට දන්වයි

Shiran Viraj
Translate »