2026-09-07
mediahumanrights.lk
NewsPolitical

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කථානායක නිල කාමරයේදීයි.

කථානායකවරයා සභාපතිත්වය දරණ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ මන්තී‍්‍රවරුන් ද ඇතුළුව නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත වනවා.

ඒ අනුව අද නම් කෙරුණු තේරීම් කාරක සභා සාමාජිකයින් අතරට නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, ප‍්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ද අයත්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj

නායකත්වය මාලිංග අතට එයි

Shiran Viraj

ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියි

Shiran Viraj
Translate »