mediahumanrights.lk
NewsPolitical

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා. එම නාම ලේඛන ලැබීමෙන් පසු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන්ගේ ලේඛනය ඊයේ මැතිවරණ කොමිසම වෙත යොමු කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා වෙමින් පවතින බවයි.

ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව, එහි නායකත්ව මණ්ඩලය රැස්වී හෙට හෝ අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂය ද තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයේ

Shiran Viraj

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ලංගම බසය ජීවිතයක් නතර කරයි

Shiran Viraj
Translate »