28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

සජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයි

09 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනයේ කටයුතු අද (21) පෙරවරු 09:30 ට ආරම්භ වුණා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමුව සිදුකෙරුණේ ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ විශේෂ ප‍්‍රකාශයයි.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී කරුණු ඉදිරිපත් කළා. එහිදී උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිහිපයක් ද ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා පැවසුවේ සිය ප‍්‍රශ්නවලට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරු අපේක්ෂා කරන බවයි.

විපක්ෂ නායකවරයාගේ ප‍්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පිළිතුරු ලබාදුන්නේ සභානායක දිනේෂ් ගුණවර්ධනයි.  

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මුද්‍රණයේ රැකියා 50,000 ක් ලෙස සඳහන්ව තිබීම හා ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශයේ රැකියා 60,000 ක් ලෙස ප‍්‍රකාශවීම සම්බන්ධයෙන් පවතින පරස්පරතාවය සම්බන්ධයෙන් මෙහිදී ගැටළුවක් පැන නැගුණා. එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සංවාදයක් ද ඇති වුණා.

එහිදී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මෙරට උපාධිදාරීන් ලෙස පිළිගන්නා සියලු දෙනාට වත්මන් ආණ්ඩුව රැකියා ලබාදෙන බවයි. අසාර්ථක පරාජයක වෛරය උපාධිදාරීන්ගෙන් ලබන්නට නොයන ලෙසද එහිදී සඳහන් කෙරුණා.

එහිදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ “යන්නෙ කොහෙද කියා ඇසූ විට මල්ලෙ පොල් උත්තරයක්නෙ දුන්නේ. පනස්දාහ ද හැටදාහද කියලා කෙලින් කියන්න.” යනුවෙනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මං ජනාධිපති වුණාම ඇමතිවරු පාන්දරම කූද්දනවා වැඩට යවනවා

Shiran Viraj

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Shiran Viraj

අපි ඕන ඡන්දයකට ලෑස්තියි

Shiran Viraj
Translate »