mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගිවිමට බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය වැඩි කැමැත්තකින් මේ වනවිට පසුවන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක‍්‍රිඩකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙස එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර ඇති බවද ඔහු සදහන් කළා.

ඒ, ක‍්‍රීඩකයන්ට නිරෝධායන ක‍්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සදහා ක‍්‍රිඩකයින් පැමිණිය යුතු දින වකවානු කල්තියා දැන ගැනීමේ අරමුණින්.

ඒ අනුව ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ලබන සතියේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණිමට නියමිතයි. ටෙස්ට් තරග දෙකක් පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී හා එක් තරගයක් කොළඹදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..

Shiran Viraj

කුසල් ආදරය කරන දත් දොස්තර නෝනා මෙන්න

Shiran Viraj

IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..

Shiran Viraj
Translate »