2026-08-19
mediahumanrights.lk
Local NewsNews

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දැමූ පොලීසියේ 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

රාගම ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයා ද අද කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී එම සැකකරුගෙන්  දින 07ක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබාදී ඇත්තේ.  

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් 18 දෙනෙකු මේවනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩවත පොලීසියට ඊයේ භාරවූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ද මෙම 18 දෙනාට අයත්.

ඔහුගෙන් පැය 72 ක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමටයි අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ අවසර ලබා දුන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දෙමළ ජනයාටද යමක් ලැබිය යුතුයි… ඒ බව සියලු දෙනා තදින් සිතා ගත යුතුයි.

Shiran Viraj

මං ජනාධිපති වුනාම ජපානය හා අත්වැල් බැදගන්නවා..- සජිත් ජපාන විදේශ ඇමතිට කියයි..

Shiran Viraj

3 Fitness goals you need to ditch immediately, according to a pro

Shiran Viraj
Translate »