27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

මාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනට අයත්  දූපත්වල සංචාරක හෝටල් කීපයක සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක්. මාලේ නුවර සිට ඔවුන් රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරු 01.30 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වූ බවයි ගුවන් තොටුපළ වාර්තාකරු ස`දහන් කළේ.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි එම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර, අද සිට කි‍්‍රයාත්මක වන පිරිදි විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලික නතර කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපති

Shiran Viraj

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

Shiran Viraj

අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Shiran Viraj
Translate »