28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….

නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක්  ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙලදසැලකට ලොරි රථයකින් රැගෙන එන ලද තිරිගු පිටි බාමින් සිටින අතරතුර ලොරි රථයේ පසුපස රෝදය එකවරම ගිලා බැසිමත් සමග ලොරි රථය එක් පැත්තකට ඇල වි ඇත.

නාවලපිටිය නගරයට ප්‍රධාන මාර්ගයට යටින් පානිය ජලය බෙදා හරින ජල නලයක් එලා තිබු කොටසකුයි මෙසේ ගිලා බැස ඇත.

ලොරි රථය කොටසක් ගිලා බැසිමත් සමග ජල නලයටද හානි සිදු වි ඇති නිසා ජලය ප්‍රධාන මාර්ගය හරහා කාන්දු විමත් සමග නාවලපිටිය නගරයට පානිය ජලය බෙදා හැරිමද නතර වි ඇත.

ගිලා බැස ඇති ලොරි රථය ඉවත් කිරිමෙන් අනතුරුව හානි සිදු වු ජල නලය අලුත්වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන බව නාවලපිටිය ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු පැවසිය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Shiran Viraj

අද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයි

Shiran Viraj

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළට

Shiran Viraj
Translate »