30 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  තැපෑලෙන් ලැබී තිබෙනවා. එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබූ බවයි වාර්තා වුනේ. ඒ අනුව මෙම ලිපිය ආරක්ෂක නිලධාරීන් විසින් අගමැතිවරයාට ලබා දී ඇති අතර එහිදී හෙළි වී තිබුණේ එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ පදිංචි අසූහය හැවිරිදි එස්.බී. හේවාහැට නම් පුද්ගලයකු විසින් එවා ඇති බවයි.

හිටපු ගම් සභා නියෝජිතකයකු වන එස්.බී. හේවාහැට සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනේ එම රුපියල් පන්දහස කොවිඩ් 19 අරමුදලට බැර කරන ලෙසයි.

එසේම අදාල ලිපියෙහි ඔහු මෙසේද සඳහන් කර තිබෙනවා.

‘‘දැනට අසූහය වැනි වියේ පසු වන අයෙකි. මට ඇවිදින්නට බැරිය. රෝගීව ඇඳේ සිට ලියමි. උදා වී ඇති භයානක අවස්ථාවේ දී රටේ ආර්ථිකය බිඳ වැටී තිබියදී ජනතාව ජීවත් කරවීමට දෙන ආධාර ක්‍රමය මවිතයට කරුණකි. කෙසේ වෙතත් ​​කොරෝනා අරමුදලට මේ මස රුපියල් පන්දහස බැර කර මාද ඒ පිංකමට සහභාගි කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා මට කළ උදව් උපකාර අමතක නොකරමි.’’

ඒ අනුව අදාල ලිපිය කියැවීමෙන් අනතුරුව සිය ලේකම් ගාමිණී සෙනරත් කැඳවූ අගමැතිවරයා එම මුදල ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

Related posts

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj

බලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවට

Shiran Viraj

DLB හා NLB ගත්තේ දූෂණ නවත්වන්න

Shiran Viraj
Translate »