29.5 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනේ සුනිල් ජයවර්ධන මහතාට සිදුව ඇත්තේ කර්මය පළ දීමක් බවයි.

එ‍සේම 2015 වසරේදී තමන්ට අසාධාරණ චෝදනා එල්ල කරමින් සිරගත කරවීමට සුනිල් ජයවර්ධන මහතා මුල් වූ බවද ඔහු සදහන් සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන්ගෙන් ඔහුට  දැඩි චෝදනා එල්ල වුනා.

මේ අතර කොළඹ පදික වෙළඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මහින්ඳ කහදගම මහතා  රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු වන අතර නෙත් එෆ්.එම් බැලුම්ගල හරහාද මීට පෙර ඔහුගේ කූඨ සැළසුම් පිළිබඳ අනාවරණ කෙරුණා.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj

වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි

Shiran Viraj

Facebook's News Feed experiment panics publishers

Shiran Viraj
Translate »