30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
NewsPolitical

“ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්

නාමයෝජනා ලබාදුන් පිරිස් දැන් මැතිවරණ සටනින් ඉවත්වීම තම පාර්ශ්වයට ගැටළුවක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසන්නේ  ඕනෑම මැතිවරණයකදී මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවයි.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් සමගි ජන බලවේගයේ ප‍්‍රබලයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර මංගල සමරවීර මන්තී‍්‍ර දේශපාලනයෙන් ඉවත්වීමට ඉකුත්දා තීරණය කළා.

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කය සදහා තරග කිරීමට නාමයෝජනා භාරදී සිටි හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායකද ඉකුත්දා මැතිවරණ සටනෙන් ඉවත් වුණා.

ගාල්ල දිස්ති‍්‍රක්කයට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ එක්සත් ජාතික පක්‍ෂයේ අම්බලන්ගොඩ හිටපු ප‍්‍රධාන සංවිධායක බෙනට් පනියන්දූව ද ඉකුත්දා ප‍්‍රකාශ කළේ මැතිවරණයට තරග නොකරන බවයි. දේශපාලන වේදිකාවේද මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ සමගි ජන බලවේගයේ පිරිස් ඉවත්වීම පිළිබදවයි.

මෙලෙස නාමයෝජනා දුන් පිරිස් ඉවත්වීම මැතිවරණ සටනට ගැටළුවක් නොවේ දැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ “පුද්ගලයින් එහා මෙහා වුණා කියලා ජනතාව එහා මෙහා යන්නේ නෑ. මංගල සමරවීර ගත් තීරණය පක්ෂය අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් ගත් තීරණයක් නොවන බව පැහැදිළියි. අනෙක් අය ගත් තීරණවල වෙනසක් තියෙන්න පුළුවන්. ජයග්‍රහණය පිළිබඳව සමහර අයට සැකයක් තියෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාත් තියෙනවා නේ.” යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගණේමුල්ල ගුවන් පාලම වසර අගදී ජනතා අයිතියට

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Shiran Viraj
Translate »