2026-09-07
mediahumanrights.lk
Local NewsNews

යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් තබන්නේ නෑ

මෙරටින් අවසන් වරට වාර්තා වු කොරෝනා ආසාදිතයින් සිව් දෙනා බංග්ලාදේශයේ රැඳී සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයින් වන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයින් 276 දෙනෙකු ඉකුත් මැයි 24 වන දින දිවයිනට පැමිණ තිබුණා.

ඔවුන් ආශි‍්‍රතව සිදුකළ PCR පරීක්‍ෂණවලිනුයි මෙම ආසාදිතයින් සිව් දෙනා හදුනාගෙන ඇත්තේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1643 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව ඊයේ (01) දිනය තුළ වාර්තා වූ රෝගීන් ගණන 10ක්. ඒ අතර සිටි එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙක් වන අතර තවත් අයෙක් බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් වනවා.

අනෙක් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා සාමාජිකයින්ගේ සමීපතයින් බවටයි හදුනාගෙන ඇත්තේ. කෙසේවෙතත් වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන්ගෙන් වෛරසය පැතිරීමට කිසිදු ඉඩක් නොතබන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.  

එහිදී, එක් නිලධාරියෙකුගේ පමණන් බිරිඳ සහ දරුවා අසාදනයට ලක්ව ඇති අතර කෙසේවෙතත් හෝමාගම පදිංචි එම දෙදෙනා මැයි 12 වැනිදායින් පසුව නිවසෙන් පිටත්ව ගොස් නැති බවයි අනාවරණය වී ඇත්තේ.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ආසාදිතයින් 811 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

Shiran Viraj

ගතින් ආබාධිත වුනත් සිතින් සවිමත්"හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාව ලගටම පැමිණි අපේ දිනේෂ්, ලංකාවට ලෝක රන් බලාපොරොත්තුවක්?

Shiran Viraj

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Shiran Viraj
Translate »