mediahumanrights.lk
Local News News

බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..

කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි.

මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා වෛරසය උත්සන්න වීමත් සමග ශ‍්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පලා ඒමට ඇතැම් පිරිස් සූදානමින් සිටින්නේ යයි තොරතුරු හෙලිවීම නිසා මෙම දැනුම් දීම කර ඇත.

මේ සම්බන්දයෙන් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කිරීමටද කටයුතු සූදානම් වෙමින් තිබේ.

දැනටමත් උතුරේ ප්‍රදේශ ගණනාවක නාවික හමුදා බලය තීව්‍ර කරමින් ආරක්ෂාව දිවා රැයේ තර කර ඇත.

විශේෂයෙන්ම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අනවසර සංක්‍රමණිකයන් කිසිවෙකු ඇතුළු නොවීමට දැනටමත් කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනුම් දීම් නොතකා මෙරට මුහුද සීමාව උල්ලංඝණ කරන ඔ්නෑම අයෙක් ජාත්‍යන්තර මුහුද වෙත හරවා යැවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මෙරට පරීක්‍ෂණ එපා.. Channel4 හෙලිදරවුව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඔ්නෑ…

Shiran Viraj

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

Shiran Viraj

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

Shiran Viraj