mediahumanrights.lk
International NewsNews

ඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයට

සල්වැසි ඉන්දියාව නව්‍ය කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න වෙමින් ඇති පසුබිමක් තුළයි.

ඒ අනුව මේවනවිට ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 98, 283 දෙනෙකු වාර්තා වන්නේ කොරෝනා මරණ 8,501 ක්ද සමගයි.

ගතවූ පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 11,128 ක් හඳුනාගෙන තිබුණා. ඊයේ දිනයේදී ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 394 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර පෙරමුණේ පසුවන්නේ ද ඉන්දියාවයි. ඒ අනුව දකුණු ආසියානු රටවලින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මේවනවිට පන් ලක්ෂය ඉක්මවා තිබෙනවා. දකුණු ආසියානු රටවලින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 12,000 කට අධිකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

ග‍්‍රෑන්ඞ්පාස් ‘වාස් පටුමග’ වසයි.. පොලිසියේ 04ක් නිරෝධායනයට..

Shiran Viraj

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Shiran Viraj
Translate »