mediahumanrights.lk
Business Business News News

කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි

COVID 19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත.

‘COVID 19  වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ සහ සෞඛ්‍ය නිළධාරීන් ගත් තීරණාත්මක ක‍්‍රියාමාර්ගයෙන් පසුව රට ක‍්‍රමයෙන් යථා තත්වයට පත් වෙමින් පවතී. ඒ අනුව ඉදිරියට යමින්, මාස තුනකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබූ රටේ ආර්ථිකය නැවත ගොඩ නැගීම අපගේ ඊළඟ ප‍්‍රධාන අභියෝගයයි. මෙම ප‍්‍රයත්නයේදී සියලූම කොටස්හිමියන් සමඟ එක්ව කටයුතු කිරීමට HNB සම්පූර්ණයෙන් කැපවී සිටිනවා,’’ යනුවෙන් HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සෞභාග්‍යා කොවිඞ්-19 ප‍්‍රතිමූල්‍ය ණය යෝජනා ක‍්‍රමයට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ආධාර ලබා දීම සඳහා HNB හි මෙම කොවිඞ් අරමුදල උපරිමයෙන් යොදා ගනු ඇත.

එබැවින් රජයෙන් ලබා දෙන වසරකට 4%ට ණය අරමුදල ලබා ගැනීමට නොහැකි වූ අයදුම්කරුවන්ට උපරිම මාස 24ක් කාලයක් සඳහා වසරකට 8% සහන පොලී අනුපාතයකට HNB සහන අරමුදල හරහා වැඩ ඇරඹීමේ ප‍්‍රාග්ධන ණයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

මේ අනුව, කොවිඞ් වසංගතය නිසා ඇති වූ බාධාවන් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආධාර හා සහාය ලබා දීමට HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදලක් මගින් රජයේ අරමුණු සඳහා සහාය වීමට අපේක්ෂා කරයි.

‘‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ අපගේ පුරෝගාමී කාර්යභාරය හා විශාල සේවාදායක ජාලය සැලකිල්ලට ගනිමින් HNB මෙම අංශයට සහාය දැක්වීම ඉතා කාලෝචිතයි – ශ්‍රී ලංකාවේ රැකියාවලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නියෝජනය කරයි. මෙම ව්‍යාපාරවලින් බොහෝමයක් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින නමුත් අවශ්‍ය නිවැරදි සහාය ඇතිව ඔවුන්ට තවමත් නැවත නැගී සිටීමට හැකියාව ඇත.

’‘මෙය දුෂ්කර කාලයක් බව බැංකුවක් ලෙසට අප දන්නවා. මෙවැනි දුෂ්කර කාල පරිච්ෙඡ්දවලදී ආපසු ගෙවීම් සඳහා අපට නම්‍යශීලී විය හැකි සෑම දෙයක්ම කරමින් මෙම දුෂ්කර කාල පරිච්ෙඡ්දය ජය ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට හැකි සෑම ආකාරයකින්ම අප සහාය වෙනවා. සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රමයෙන් ස්වාධීනව ක‍්‍රියාත්මක වන මෙම සහන අරමුදල හඳුන්වා දීම තුළින් ඉදිරි මාසවල ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පුනර්ජීවයක් ඇති කිරීමට උපකාර වනු ඇතැයි අප විශ්වාස කරනවා,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැහැදිලි කළේය.

මීට අමතරව, ජාතික ප‍්‍රමුඛතාවන් සමඟ සිය මෙහෙයුම් පෙළෙගැස්වීමට ද බැංකුව අපේක්ෂා කරයි. වත්මන් කොවිඞ් සම්බන්ධ දීමනා පැකේජවලට පෙර, අකර්මණ්‍ය වූ සර්ව ආර්ථික පරිසරයකින් ඇති වන අභියෝගවලට මුහුණ දී සිටි නිෂ්පාදන, සේවා, කෘෂිකාර්මික සහ අමතර වටිනාකම් එක් කළ ව්‍යාපාරවල නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ණය පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමට HNB දැඩි ලෙස සම්බන්ධ වී සිටී.

SMEක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වූ පළමු පුද්ගලික අංශයේ වෙළෙඳ බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් HNB සතුව දිගු ඉතිහාසයක් ඇත. විශේෂයෙන්ම 2019 පාස්කු ප‍්‍රහාරයෙන් සෘණාත්මක ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා ඔවුන් ලබා ගත් ණය තාවකාලිකව අත් හිටුවීම් සහ කාරක ප‍්‍රාග්ධන ණය ලබා දීම ආදිය පසුගිය වසර පුරාවට HNB සේවාදායකයින්ට සහාය වීම සඳහා බැංකුව ගනු ලැබූ අද්විතීය ක‍්‍රියාමාර්ගයන් වේ.

COVID 19  වසංගතය ව්‍යාප්ත වීමෙන් පසු මෙම සහයෝගය SME සේවාදායකයින්ට තවදුරටත් ලබා දෙන ලදී. පුද්ගලයින් සහ ව්‍යවසායන් 75,000කට වැඩි සංඛ්‍යාවකට ණය අත්හිටුවීම් ලබා දීමට අමතරව, CBSL සෞභාග්‍යා ආරම්භක ප‍්‍රාග්ධන ණය යෝජනා ක‍්‍රමය යටතේ සහන සඳහා ඉල්ලූම් කිරීමට සේවාදායකයින් 2500කට වැඩි සංඛ්‍යාවකට HNB වර්තමානය වන විට, පහසුකම් සලසා දී ඇත.

සමස්ත ජාතියටම ප‍්‍රගතියේ සහකරුවා ලෙස සේවය කරමින්, ස්වභාවික විපත්වලින් පාරිභෝගිකයින්ට බලපෑම් සිදු වන අවස්ථා කල්තියා හඳුනා ගැනීම සඳහා SME සේවාදායකයින් සමඟ HNB නිරන්තරයෙන් සබඳතා පවත්වයි. ස්වභාවිත විපත්වලින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා ණය පහසුකම් ලබා දීමට අමතරව එවැනි අවස්ථාවලදී, ණය අත්හිටුවීම් සඳහා වන සහන කාලය දික් කර ගැනීමට, රක්ෂණ හිමිකම් සඳහා සහාය, ප‍්‍රමාද වී කරන ගෙවීම් වැනි ඔවුන්ගේ අපහසුතා සාකච්ඡා කිරීමට බැංකුව නිරන්තරයෙන් සේවාදායකයින් වෙත පැමිණෙනු ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගං වතුරින් ඉන්දියාවේ 185 ක් මරුට

Shiran Viraj

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

Shiran Viraj

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

Shiran Viraj