28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ හු සටහන් කර ඇත.

සමාජ ජාලාවල හුවමාරු වන මෙරට කුඩා දැරියක පැවිදි කිරීමේ පින්තූර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ සදහන් කරයි.

මෙම සිදුවීම කොටි සංවිධනයේ ළමා සොල්දාදුවන් සහ තලිබාන්වරුන්ගේ ළමා මනාළියන් තරමටම කම්පනයට පත් කරන බවත් එමගින් ඉතා සාහසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වනබවත් එම සටහනේ දැක්වෙයි.

Related posts

දෙසැම්බර් 31කට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් – ඉන්දියන් සාගරයේ මාරාන්තික භූකම්පනයක්

Shiran Viraj

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

Shiran Viraj
Translate »