2026-07-03
mediahumanrights.lk
NewsPolitical

කරුණු කිහිපයක් ගැන මැතිවරණ කොමිසම අධ්‍යනයක

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මහ මැතිවරණය පැවැත්වීමේ දී සලකා බැලිය හැකි විවිධ යෝජනා මේ වනවිට ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ජමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පැවසුවේ මහා මැතිවරණයේ ඡන්ද විමසීම එක් දිනයකදී වෙනුවට දින කිහිපයක දී පැවැත්වීමට ද සලකා බැලිය හැකි බවයි

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නීතිඥ ලාල් විජේනායක ගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණයක් තුළින් ජනතාවගේ සැබෑ මතය ප්‍රකාශ විය යුතු බවයි.

මේ අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය කවදා විය හැකි දැයි නෙත් නිවුස් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය පැවසුවේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මහමැතිවරණයේ කටයුතු සිදු කළ යුත්තේ කෙසේදැයි මේ වන විට සාකච්ඡා සහ අධ්‍යයන සිදුවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව ඡන්ද විමසීමේ දී අනන්‍යතාව තහවුරු කර ගන්නේ කෙසේද, ඡන්දය සලකුණු කිරීමට පෑන භාවිත කළ යුත්තේ කෙසේද වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමුව තිබෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපතිගේ ක්‍රියාමාර්ගය 'ජවිපෙ' අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

Shiran Viraj

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

Shiran Viraj
Translate »