27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

අද(09) සවස 5.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් නව දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 844 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 575 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

අද දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයින් ගණන 20 ක්.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ පළමු නාවික හමුදා සෙබලා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඊයේ සහ අද දිනයේ නාවික හමුදා සෙබලුන් පස් දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්යාතව 21ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සියලු නාවිකයින් සෞඛ්යඉ උපදෙස් මත තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුකිරීමට නියමිතව තිබේ.

මෙම සියලු නාවිකයින් පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් වෛරසය ශරීරය තුළ නොමැති බවට තහවුරු කිරීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂනණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 129 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර තවත් 55 දෙනෙකු එහි නිරෝධායන වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

Shiran Viraj

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj
Translate »