27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
BusinessBusiness NewsNews

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දින සටහන් විය.

පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ද ඉක්මවා ගියේය.  මෙවැනි පසුබිමක් තුළ අද (05) දින ඩොලරයේ විකුණුම් මිල රු. 191 සීමාව දක්වා පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj

පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී.. ඔත්තුකරුවන් දෙදෙනකු ලවා බොරු කියවලා….

Shiran Viraj
Translate »