mediahumanrights.lk
Local NewsNews

වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්

සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

වෙනත් දියුණු රටවල මෙම වෛරස ව්‍යාප්තිය පාලනය අසාර්ථක වුයේ එය සෞඛ්‍ය අංශවලට පමණක් පාලනය කිරීමට පැවරීම හේතුවෙන් බව හෙතෙම පවසයි.

ටී.වී.දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වෛරසයට පිටුපසින් ගියහොත් අපි පරාජය වන බවයි.

නමුත් ලංකාව බුද්ධි අංශ මාර්ගයෙන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව හඳුනා ගෙන කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, වෛරසය එන විට සිදු කළ යුතු සියලු දේ කර අවසන් කර තිබු බවත් පැවසීය.

ත්‍රස්තවාදය අවසන් කළෙත් එවැනි ක්‍රමවේදයකට බව පැවසු ඒ මහතා, දේවගැතිවරයෙකු හා සම්බන්ධ වු සියලු දෙනා හමුදාව හා බුද්ධි අංශ එකතු වී සොයා ගත් බවත් එසේ නොවුනේ නම් යාපනය අර්ධද්වීපය මේ වන විට දරුණු තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි ද කියා සිටියේය.

11 වන දින රට විවෘත කිරීම යම් ක්‍රමවේදයක් අනුව සිදු කරනු ඇතැයි ද කමල් ගුණරත්න මහතා පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සීනි මිල රු 17 කින් නගී

Shiran Viraj

කොන්දේසියක් මත ෆොන්සේකා අලුත් තනතුරට එකඟයි

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj
Translate »