25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි.

අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීට රටේම ජනතාව දැඩිව විරුද්ද බවත් තමන් පෙනී සිටින්නේ ද රටේ පොදු මතය වෙනුවෙන් බවත් ඔහු පැවසීය.

එනිසා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ අවසන් කොරෝනා රෝගියාද සුවපත් වී කිසිදු කොරෝනා රෝගියෙක් නැති තත්වයක් යටතේ යයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලියට ලංකාවෙන් 8ක්

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj

හිටපු අමාත්‍ය නිල නිවාසවල විශේෂ මහාධිකරණ පිහිටුවීම කඩිනම් කරන ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් උපදෙස්

Shiran Viraj
Translate »