25.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකක

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ඉහළ පෙළේ සාකච්ඡා දෙකක් අද (29) පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මුලස්ථානයේදී රැස් වන බවයි එහි මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත පැවසුවේ.

සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා භාරදී සිටින එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් කිසිවෙකුට හෝ ආරාධනා කර නොමැති බවයි අකිල විරාජ් කාරියවසම් හිටපු අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුල්කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද රැස්වනවා. එහි මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවමින් සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දුන් අයට ලැබී ඇති ලිපි සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද  කළ විමසීමේ දී ඔහු පැවසූවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජාතික ජන බලවේගය රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් සිටිනවා – මහින්ද රාජපක්ෂ

Shiran Viraj

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Shiran Viraj

සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයි

Shiran Viraj
Translate »