29.5 C
Colombo
2026-07-10
mediahumanrights.lk
NewsPolitical

රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අද

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන රැඳවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සියලූ සැකකරුවන් මුල් අවස්ථාවේදී නිරෝධායනයට ලක් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු වූ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ද නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයට රැගෙන ආවා. සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන සැකකරුවෙකු මෙලෙස නිරෝධායනය කෙරෙන්නේ දින 14ක් සඳහායි.

එහෙත් හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂාව සහ තවත් කරුණු කිහිපයක් සලකා බලා ඔහු තවදුරටත් මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයම රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටියදී හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න වැඩිපුරම සිදු කරන්නේ පොත් කියවීම බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. ඉංග‍්‍රීසි බසින් ලියැවුණු පොත් සඳහා ඔහුගේ වැඩි රුචිකත්වයක් ඇතැයිද අවශ්‍ය පොත් මීගමුව පල්ලන්සේන රැදවුම් ස්ථානයේ පුස්තකාලයෙන් සපයනු ලබන බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න ගේ PCR පරීක්ෂණ වාර්තාව ද බොහෝවිට අද (29) ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Shiran Viraj

ෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..

Shiran Viraj

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Shiran Viraj
Translate »