mediahumanrights.lk
NewsPolitical

හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස විශාල වශයෙන් රජයේ ඉහළ තනතුරු වලට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භයට පෙර පවා මෙම තත්ත්වය දැකිය හැකිව තිබූ බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

අදාළ විෂයන් සදහා විෂ්‍ය ප්‍රවීණයන් සිටියදී හමුදා නිලධාරීන් මේ ආකාරයෙන් පත්කිරීම පිළිගැනීමට නොහැකි බව ඔහු කියයි.

හමුදා නිලධාරියෙක් විෂය ප්‍රවීනයන් වන්නේ හමුදා රාජකාරියට පමණක් යැයිද කී ඔහු අනවශ්‍ය ආකාරයට හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට යෙදවීමෙන් සිදුවන්නේ හමුදාවත් හෑල්ලු වී යාම බවද සඳහන් කළේය.

හමුදාව යුද්ධ කරන්නට දක්ෂ වුවද ලෝකය පුරා හමුදා ආණ්ඩු අසාර්ථක යැයි ද පැවසූ ඔහු හමුදා පාලනයක සාර්ථක අත්දැකීම් ලෝකයේ කිසිදු රටක නැති බවද පැවසීය.

මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් රටටත් හමුදාවටත් හමුදා නිලධාරීන්ටත් අහිතකර තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔහු කීය.

හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හෙට සිට යළි කාලගුණය රළු වෙයි!

Shiran Viraj

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනි

Shiran Viraj

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

Shiran Viraj
Translate »