mediahumanrights.lk
BusinessBusiness NewsNews

සඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයි

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද මැයි 11 දින සිට නැවත ඇරඹීමට කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි. කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතය. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි. අවසන් වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වූයේ පසුගිය මාර්තු 20 වන දිනය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

Shiran Viraj

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

Shiran Viraj
Translate »