mediahumanrights.lk
Local NewsNews

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

මේ වන විට දිවයිනේ ප‍්‍රදේශ රැුසක වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇතැයි වාර්තා වනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුව ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සමග ඉකුත් අපේ‍්‍රල් මස 10 වන දින සිට ක‍්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා රජය විසින් උපරිම මිලක් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව සම්බා සහ නාඩු සහල් කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 90 මිලක්ද, කැකුළු සහල් කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 85 ක මිලක් ද නියම කෙරුණා.

කෙසේවෙතත් නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ පාලන මිලට හෝ පාලන මිල ඉක්මවා හෝ අළෙවි කිරීමට බොහෝ වෙළදසැල්වලට සහල් තොග ලැබී නොමැති බවයි. සහල් අලෙවිසැල් හිමියන් සදහන් කළේ උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට වී මෝල්හිමියන් විසින් සහල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කරන බවයි. එබැවින් පාලන මිලට සහල් අළෙවි කිරීමට නොහැකි බැවින් සහල් තොග ලබා නොගන්නා බව ඇතැම් වෙළදුන් පැවසුවා.

කෙසේවෙතත් වී මෝල්හිමියන් පවසන්නේ සහල් නිෂ්පාදනය කිරීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් අඩු මිලට වෙළඳපොලට සහල් නිකුත් කිරීමට නොහැකි බවයි.

රටපුරා මතුව ඇති සහල් හිගය පිළිබද තවත් තොරතුරු හෙට උදෑසන 6.25 නෙත් නිවුස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

Shiran Viraj

ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්

Shiran Viraj

තමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India Today

Shiran Viraj
Translate »