2026-01-22
mediahumanrights.lk
Local NewsNews

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 172 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ්-19 වෙරස ආසාදිතයින් 690 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති අතර ආසාදිතයින් 511 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවින්-19න් වෛරසය ආසාදනයවිම හේතුවෙන් මෙරටින් තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 07කි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

ආර්ථිකය සවි කරන්න කුඩා පරිමාණ කර්මාන්තශාලා 150 ක්

Shiran Viraj
Translate »