mediahumanrights.lk
Business Business News News

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දින සටහන් විය.

පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ද ඉක්මවා ගියේය.  මෙවැනි පසුබිමක් තුළ අද (05) දින ඩොලරයේ විකුණුම් මිල රු. 191 සීමාව දක්වා පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj

සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහාය

Shiran Viraj

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Shiran Viraj