28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත‍්‍රණයට ඊයේ (28) පස්වරුවේ එක්වෙමින්.

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය පැවැත්වුණා. මෙහිදී ආරම්භක ප‍්‍රකාශ සිදුකළේ කැනේඩියානු අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ජමෙයිකානු අග‍්‍රාමාත්‍ය ඇන්ඩෘ හොලෙස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේර්ස් විසින්.

මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ ලොව ප‍්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයින්ගේ වගකීම, තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම සිදුකළ යුතු බවයි. මහා පරිමාණ ද්විපාර්ශවික හා බහුපාර්ශවික නියෝජිත ආයතනවල කඩිනම් කි‍්‍රයාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායකවිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය, කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් මෙන්ම ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසරය සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරිගැන්විය යුතුයි.

හදිසි ආධාර පහසුකම් තුළින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේදැයි මෙම කථිකාවත තුළින් එකගතාවක් මතුවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතමින් සඳහන් කර ඇත්තේ.

බොහෝ රටවල් සිය ණය බැඳීම් නොකඩවා ඉටුකර ඇති බැවින් සහ රාජ්‍ය ණය ප‍්‍රදානය කරන්නන් විසින් සැලකිය යුතු සහනයක් මගින් නව අවකාශ සැලසීමට කාලය පැමිණ ඇති බව ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහින්ද අමෙරිකා යයි

Shiran Viraj

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු

Shiran Viraj

නවසීලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ටේ‍්‍රන්ට් බෝල්ට්ට දකුණු අප‍්‍රිකානු තරගය අහිමි වෙයි

Shiran Viraj