26.7 C
Colombo
2026-09-26
mediahumanrights.lk
Local NewsNews

මාර්ග බාධකයක් අසළදී අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබයි

ආරක්ෂක අංශ අණ නොතකා ඊයේ (14) රාත්‍රියේ ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.

යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි මාර්ග බාධකයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවේ මාර්ග බාධකයේදී යුධ හමුදා හා පොලිස් නිළධාරීන්ගේ අණ නොතකා ගමන් කළ පුද්ගලයෙකු වෙත එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලත් 23 හැවිරිදි පුද්ගලයා යාපනය පේදුරුතුඩුව, මන්දිකෙයි රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

තුවාල ලත් තැනැත්තා තුවාල ලැබීමෙන් පසුව, සිය නිවස වෙත ගමන් කිරීමෙන් අනතුරුව මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවේ වෙඩි තැබීමට පැයකට පමණ පෙර මාර්ග බාධකයේ ආරක්ෂක අංශ වෙත කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ද අනාවරණය වන බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Shiran Viraj

ශ්‍රී ලංකා – චීන මිතුදමට 60 පනී

Shiran Viraj

විදුලි සේවකයන් වර්ජනයේ…

Shiran Viraj
Translate »