mediahumanrights.lk
Local NewsNews

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඉන් ආසාදිතයින් 35 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

35 දෙනා අතර කුවේට් රාජ්‍යයෙන් පැමිණි 18 දෙනෙක් සහ ඩුබායි සිට පැමිණි 17ත් දෙනෙකු සිටිනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 දෙනෙකුත් ඇතුළුව ඊයේ දිනයේ ආසාදිතයින් 61ක් හඳුනාගෙන තිබුණා.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,169 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දෙසැම්බර් 31කට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් – ඉන්දියන් සාගරයේ මාරාන්තික භූකම්පනයක්

Shiran Viraj

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj

වාහන මිල වේගයෙන් පහල බසී…

Shiran Viraj
Translate »