26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
International NewsNews

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවයි.

‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.

රාජ්‍ය දෙ‍්‍රා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩක් ඇත.

මූලාශ්‍ය මෙතනින් 

(under the courtesy of lankacnews.com news web)

Related posts

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

Shiran Viraj

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

Shiran Viraj
Translate »