26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි

යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි නසාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක මහනුවර කොට්ඨාස භාර නිලධාරියාගේ නම සඳහන් බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟම, අදාළ නිලධාරියා ඒ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත දැනුම් දී ඇත්තේ, තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම විමර්ශන කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කළ බවයි.

පේරාදෙණිය පොලීසිය විසින් චම්පික නිලන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. පොලීසිය පවසන්නේ මාධ්‍යවල පළවන කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරමින් ඉදිරි පියවර ගන්නා බවයි.

Related posts

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

Shiran Viraj

කාගෙවත් පවුල් කඩන්න මට වුවමනා නෑ

Shiran Viraj

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Shiran Viraj
Translate »