mediahumanrights.lk
News Political

එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම දරුවන් එසේ නොපැමිණි බව සඳහන් කරන ඔහු එවන් අසත්‍ය තොරතුරු දැඩිව හෙළා දකින බවද පවසයි.

තමන්ගේ එක් පුත‍්‍රයෙකු මේ වන විටත් ලංකාවේ සිටින බවත් අනෙක් පුත‍්‍රයා විදේශගතව සිටින බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වාර්තා පලවුවද තමනට දියණියක නැති බවත් එවන් දියණියක් තමන් නොදන්නා බවත් එම දියණිය තමන් ද සොයන බවත් ඇය ගැන තොරතුරක් දන්නේ නම් තමන් වෙත ලබාදෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඛණිජ තෙල් සේවක වර්ජනය නිසා ඉන්ධන බෙදා හැරීම නවතියි – පිරවුම්හල්වල දිගු පෝලිම් – ගාල්ලේ ගැටුම් (PHOTOS)

Shiran Viraj

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

Shiran Viraj

භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…

Shiran Viraj