mediahumanrights.lk
International NewsNews

ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසර

දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ඉතාලි වැසියන්ට මේ වනවිට සිය සමීපතමයින් මිහිදන් කළ සුසාන භූමි වෙත යාමට අවසර හිමිව තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තියෙන් ඉතාලියට දැඩි  බලපෑම් එල්ල විය.

එරට තුළ වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත් වූ බර්ගමෝ නගරයේ නෙම්බ්‍රෝ ගම්මානයේ මේ සුසාන භූමිය ඉදිකර තිබේ.

ඒ මියගිය පුද්ගලයින්ගේ නම් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින්.

ඔවුන් සියලු දෙනාම මරණයට පත්වුණේ මාර්තු සහ අප්‍රේල් මාස තුළයි.

පසුගිය වසරට සාපේක්ෂව මාර්තු මාසයේ පළමු දින 21 තුළ නෙම්බ්‍රෝ ගම්මානයේ මරණ 1000%කින් ඉහළ ගොස් තිබේ.

ඒ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමගින්.

නෙම්බ්‍රෝ ගම්මානය අයත් බර්ගමෝ නගරයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 3000කට අධිකයි.

එය ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 10%ක ප්‍රතිශතයක්.

ආසාදිතයන් 12 000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් එරට  නවතම වාර්තා සඳහන් කරන්නේ මියගිය සංඛ්‍යාව රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට දෙගුණයකින් වැඩි බවයි.

වෛරසයෙන් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් පහව යෑමත් සමග ඉතාලිය දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව සිය සමීපතමයින් මිහිදන් කළ සුසාන භුමි වෙත ගොස් කාලය ගත කිරීමට ඉතාලි වැසියන්ට දැන් අවසර හිමිව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක්..

Shiran Viraj
Translate »