2026-07-04
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..

චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටින බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.

ගෙවී ගිය වසර චීන-ශ්‍රී ලංකා දෙරටේ ජනතාවට අසාමාන්‍ය වසරක් වූ අතර චීන ශ්‍රී ලංකා සබඳතාවන්හි අඛණ්ඩ සංවර්ධනයට වැදගත් වූ වසරක් බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සිටින වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුභ පැතුම් පණිවිඩය

2020 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙනුවෙන් මම ආදරණීය ශ්‍රී ලංකිකයින් සහ චීන-ශ්‍රී ලංකා සබඳතා සංවර්ධනයට අනුග්‍රහය මෙන්ම අනුබල ලබා දෙන විවිධ ක්ෂේත්‍රවල සියලු මිත්‍රයින් වෙත අලුත් අවුරුදු සුභ පැතුම් පිරිනමමි.

ගෙවී ගිය වසර චීන-ශ්‍රී ලංකා දෙරටේ ජනතාවට අසාමාන්‍ය වසරක් වූ අතර චීන ශ්‍රී ලංකා සබඳතාවන්හි අඛණ්ඩ සංවර්ධනයට වැදගත් වූ වසරකි. 2020 අලුත් අවුරුද්ද පෙරට වඩා වෙනස් වුවද, පැරණි දේ සිට අළුත් දේ පිළිගනිමින් නිර්භීතව ඉදිරියට යාමේ අපේ ආශාව ඊටත් වඩා දැඩි ය.

වෛරසය දේශසීමා නොමැතිව පැතිර යයි. එය සියලු මානව වර්ගයාගේ පොදු සතුරා වේ. වත්මන් ශ්‍රී ලංකාව නව කොරොනා වසංගතය මැඩපැවැත්වීමේ තීරණාත්මක අදියරක පවතී. චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින් සිටී. මේ තීරණාත්මක අවස්ථාවේදී වසංගතයට එරෙහි සටන ජය ගැනීමට ශ්‍රී ලංකා ජනතාව සමඟ අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටී.

නව වසරේ සීනු හඬ ඇසෙනු ඇත. සුන්දර ශ්‍රී ලංකාව නිමක් නැති බලාපොරොත්තුවෙන් පිරී තිබේ. චීන-ශ්‍රී ලංකා සබඳතා ද නව පරිච්ඡේදයක් විවෘත කරමින් සිටී. ඔබ සියලු දෙනාට ම සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි, මම නැවත ප්‍රාර්ථනා කරමි. චීන-ශ්‍රී ලංකා සබඳතාවට වඩාත් යහපත් අනාගතයක් හිමිවේවා! දෙරට අතර මිත්‍රත්වය දිගුකල් දිනේවා
(under the courtesy of lankacnews.com news web)

Related posts

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

Shiran Viraj

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

Shiran Viraj

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj
Translate »